Life+News The Official News Portal of Independent Television Network Ltd

ITN ප්‍රවෘත්ති තුළින් කළ තවත් හෙළිදරව්වක් ඵලදරයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 18:58

ITN ප්‍රවෘත්ති තුළින් කළ තවත් හෙළිදරව්වක් ඵලදරයි

අයිටීඑන් ප්‍රවෘත්ති තුළින් කළ හෙළිදරව්වක් ඵලදැරුවා. ගනේමුල්ලේ සිට කඳාන හා ජාඇල මාර්ගවලට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ අබලන් පාලම් දෙකක් වෙනුවට නව පාලම් දෙකක් ඉදිකර ජනතා අයිතියට පත්කෙරුණා.

පාලම් දෙක දැඩිසේ අබලන්ව තිබීම හේතුවෙන් ගනේමුල්ලට මෙන්ම ගම්පහ නගරයට හා නුවර කොළඹ ප්‍රධාන මාර්ගයට ගමන් කරන වාහන ඉතා දිගු දුරක් ගෙවා ගමන් කිරීමටයි සිදුවුණේ. එමෙන්ම මෙම පාලම් දෙක මතින් ගමන් කිරීම අවදානම් සහගත ක්‍රියාවක් වුණා. එම අවදානම පිළිබද අයිටීඑන් ප්‍රවෘත්ති තුළින් පෙන්වා දුන්නේ අදාළ අංශවල අවදානය යොමුකරමින්. ඊට නිසි ප්‍රතිචාර දැක්වූ බස්නාහිර පළාත් සභාව රුපියල් ලක්ෂ 420 ක් වැයකර නව පාලම් දෙකක් ඉදිකළා. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, එහි සභාපති සුනිල් විජේරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අයිටීඑන් ප්‍රවෘත්ති තුළින් කළ හෙළිදරව්ව පිළිබද බොහෝ දෙනා ප්‍රසාදය පළකරනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 18:58
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්