ලංකා ගමනා ගමන මන්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 100 ඉක්මවා තිබෙනවා. එය ලංගම ඉතිහාසයේ වාර්තාගත ආදායමක් බවයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ මහතා ප්‍රකාශ කළේ.
අද සහ භෙට ලංගම බස් රථ 5800ත් 6000 ත් අතර සංඛ්‍යාවක් ධාවනය කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ. මගී ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ද කි‍්‍රයාත්මක බව ලංකා ගමනා ගමන මන්ඩලයේ සභාපිත උපාලි මාරසිංහ මහතා සදහන් කළා.
මේ අතර උත්සව සමයේ වැඩිපුර මුදල් අය කරන බස් රථ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 1955 ක්ෂණික දුරකථන අංකය ඒ සඳහා වෙන්කර ඇති බවයි ජාතික ගමනා ගමන කොමිසන් සභාව ප්‍රකාශ කළේ. ලංගම බස් රථ සම්බන්ධයෙන් 011 7 555 555 සහ 077 1 056 032 දුරකථන අංක වලට තොරතුරු ලබාදිය හැකි බවයි ගමනා ගමන මණ්ඩලය පවසන්නේ.