Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර තැලසීමියා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 12:01

මහනුවර තැලසීමියා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කෙරේ

මහනුවර මහරෝහලේ තැලසීමියා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිළධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මහනුවර මහරෝහලේ තැලසීමියා වාට්ටු සංකීර්ණය මහල් අටකින් යුතුවයි ඉදි කෙරෙන්නේ. එය ඉදිරි මාස දෙක තුළදී විවෘත කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ. ඊට සමගාමිව තැලසිමියා රෝගීන් සදහා ඇට මිදුලු බද්ධ කිරිමේ සැත්කම්ද ආරම්භ කෙරෙනවා. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1700ක්. දැනට දිවයින පුරා තැලසිමියා රෝගින් 3000ක් පමණ සිටින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඔවුන් වෙනුවෙන් ප්‍රතිකාර කිරිම සදහා මේ වන විට මධ්‍යස්ථාන 14ක් දිවයිනපුරා ස්ථාපිත කර තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 12:01
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්