ඉන්දීය මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අතරතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව සිදු කෙරෙන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් එරට මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.
රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කොංග්රස් පක්ෂයට එරෙහිව භාරතීය ජනතා පක්ෂයෙන් එම පැමිණිල්ල ඉදිරිපත් වී ඇත්තේ. එරට මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබුණා. අදාළ පැමිණිල්ල මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වන්නේ. ඉන්දීය මහ මැතිවරණය ලබන මස 19 වනදා දක්වා පැවැත්වෙනවා.
බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර ගොඩනැගිලි දෙකක් කඩා වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. නව දෙනෙකු තුවාල ලැබුවා. පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. අසළ තිබෙන ගොඩනැගිලි කිහිපයක පුද්ගලයින් ආරක්ෂක හේතුන් මත එම ගොඩනැගිලිවලින් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළා. මෙම ගොඩනැගිලි අනවසරයෙන් ඉදිකළ ඒවා බවයි වාර්තා වන්නේ.
සුඩාන ජනාධිපතිවරයා බලයෙන් ඉවත්කර අත්අඩංගුවට ගත් එරට ආරක්ෂක අමාත්‍ය අවාඩ් ඉබ්න් ඔව්ෆ් සිය ධුරයෙන් ඉවත්වී තිබෙනවා. ඒ සුඩාන වැසියන් සිදුකළ විරෝධතා හේතුවෙන්. ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු රටපුරා ඇදිරිනීතිය ප්‍රකාශයට පත් කළා.