සුඩානයේ තාවකාලික පාලනය ලුතිනන් ජෙනරාල් අබ්දුල් ෆටාර් බර්හාන් යටතට පත්කරන බව හමුදා ප්‍රධානීන් ප්‍රකාශ කළා. ඒ එරට ආරක්ෂක කමිටුවේ විශේෂ සාකච්ඡාවකින් පසුවයි.
ඔමාර් අල් බෂීර් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු මෙම තීරණය ගෙන තිබෙනවා.තාවකාලික රජය වසර දෙකක් පවත්වාගෙන යාමයි අරමුණ. හමුදා කමිටුවේ ප්‍රධානියා පාලන කටයුතු වලින් ඉවත වෙමින් සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ. ආරක්ෂක අමාත්‍ය අවාඩ් ඉබ්නු අෆ් එම තොරතුරු තහවුරු කර තිබෙනවා. හමුදා පාලකයන්, බලයෙන් පහ කළ ජනාධිපතිවරයාට සමීප බවට විරෝධතාකරුවන් පෙන්වාදුන්නා. ඒ අනුව මෙම තීරණයට එළඹි බවයි සුඩාන ආරක්ෂක කමිටුව පවසන්නේ.