Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක බැංකුවෙන් ශ්‍රී‍්‍ර ලංකාවට ඇමරිකා ඩොලර් කෝටි 15 ක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 08:59

ලෝක බැංකුවෙන් ශ්‍රී‍්‍ර ලංකාවට ඇමරිකා ඩොලර් කෝටි 15 ක්

ශ්‍රී‍්‍ර ලංකාවට ඇමරිකා ඩොලර් කෝටි 15 ක ආධාර සැපයීමේ නව ගිවිසුම් දෙකකට වොෂින්ටන් නුවරදී අත්සන් තබා තිබෙනවා. ඒ ලෝක බැංකුව සමඟ.

කුඩා පරිමාණ ගොවි ජනතාවගේ වගාවන්, කාලගුණ විපර්යාස වලට ඔරොත්තුදීමේ හැකියාව සහ කෘෂිකාර්මික එලදායීතාව වර්ධනය කිරීම සඳහා මෙම මුදල් භාවිත කිරීමයි අරමුණ. රාජ්‍ය, පෞද්ගලික දෙපාර්ශවයේ සහභාගීත්වයෙන් ප‍්‍රමුඛ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ද මුදල් යෙදවීම තවත් අපේක්ෂාවක්. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති ආර් ගියු සෙෆර් මහතා ගිවිසුම් දෙකට අත්සන් තැබුවා.

වියළි කලාපයේ පළාත් 6 ක ගොවි පවුල් හාරලක්ෂ හැත්තෑ දහසකට මෙම ගිවිසුම මගින් පහසුකම් සැලසීම ද අරමුණක්.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 08:59
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්