බඩ ඉරිගු බීජ ඉසීම සදහා සුදුසු කාලය පිලිබදව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කළා. ලබන පලමුවනදා සිට 15 වනදා දක්වා කාලය ඒ වෙනුවෙන් යෝග්‍ය බවයි දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දෙන්නේ.
සේනා දළඹු වසංගතය මේවන විට පාලනය කර තිබෙනවා. එහෙත් යලි එවැනි තත්වයක් ඇතිනොවීම සදහා බඩ ඉරිගු බීජ ඉසීමට කාලසීමාවක් හදුන්වාදෙන බවයි දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ අනුර විජේතුංග මහතා ප්‍රකාශ කළේ. කෙටිකාලීන ක්‍රමවේද ඔස්සේ වැඩි අස්වැන්නක් ලබාගැනීම අරමුණයි.