Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලදිවයින් අත්අඩංගුවේ පසුවු ධිවරයින් 21 දෙනෙකු දිවයිනට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 09:17

මාලදිවයින් අත්අඩංගුවේ පසුවු ධිවරයින් 21 දෙනෙකු දිවයිනට

මාලදිවයිනේ රඳවාගෙන සිටි ශ‍්‍රි ලාංකික ධිවරයන් 21 දෙනෙකු අ ද යළි දිවයිනට පැමිණෙනවා. යූ එල් 104 ගුවන් යානයෙන් අද රාත‍්‍රියේදී මෙම පිරිස දිවයිනට පැමිණෙන බවයි ධීවර අමාත්‍යංශය සඳහන් කළේ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මාලදිවයින් බලධාරින් සමඟ සිදුකල සාකාච්ඡාවක ප‍්‍රතිපලයක් ලෙස මෙම පිරිස කඩිනමින් ගෙන්වා ගැනීමට හැකි වූ බවයි රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේ.

නිදහස් කරගත් ම‍ෙම ධීවරයින් 21 දෙනා යළි ගෙන්වා ගැනීම සඳහා ගුවන් ටිකට් පත්, ආහාර සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 16ක මුදලක් ධීවර දෙපාර්තමේන්තුවෙන් ලබාදී තිබෙනවා. අරාබි මුහුදු ප‍්‍රදේශයේ සිට ධිවර කටයුතු අවසන් කර පැමිණෙමින් තිබූ බහුදින ධීවර යාත‍්‍රා දෙකක් සහ අරාබි මුහුදු ප‍්‍රදේශයේ ධිවර කටයුතු සඳහා යාත‍්‍රා කරමින් තිබූ තවත් යාත‍්‍රා දෙකක්, කාර්මිකයන් සහ උපකරණ ද සමඟ මාලදිවයින් අත්අඩංගුවට පත්වුණේ පෙබරවාරි 28 වනදා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 09:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්