ඇමරිකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇලිසන් ක්‍රිස්ටීන් මාර්ක් ලිංගික ජාවාරමක නිරතවූ බවට අධිකරණයේදී වරද පිළිගෙන තිබෙනවා.
නඩු විභාගය සිදුකෙරුණේ බෘෘක්ලින් පෙඩරල් අධිකරණයේදි. ලිංගික ජාවාරම් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැපයූ බවටයි ඇයට චෝදනා එල්ල වුණේ.
චෝදනාව සම්බන්ධයෙන් තමා සම්පුර්ණයෙන්ම වරද පිළිගන්නා බවට ඇය විසින්ම අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.