Life+News The Official News Portal of Independent Television Network Ltd

රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනෙන් ප්‍රතිලාභීන් 5615 කට විසඳුම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 12:35

රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනෙන් ප්‍රතිලාභීන් 5615 කට විසඳුම්

මඩකලපුවේදී ආරම්භ වූ  රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ ඊයේ දිනය වන විට ව්‍යාපෘති 192 ක් තුළින් ප්‍රතිලාභීන් 5615 කගේ ගැටලු වලට විසදුම් ලබාදීමට සමත් වී තිබෙනවා. අද එහි දෙවන දිනයයි.

ජනාධිපතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලය මෙහෙයවන ජාතික සංවර්ධන ව්‍යාපෘති වන දිළිඳුකම පිටුදැකීමේ ග්‍රාම ශක්ති, මත්ද්‍රව්‍ය නිවාරණය, දරුවන් සුරකිමු, ජාතික ආහාර නිෂ්පාදනය, වකුගඩු රෝග නිවාරණය, පරිසර සංරක්‍ෂණය ඇතුලු වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මකයි. විවිධ අමාත්‍යාංශ ක්‍රියාත්මක කර තිබෙන ජාතික සංවර්ධන වැඩසටහන් හා සමාජ සුබසාධන වැඩසටහන් කාර්යක්‍ෂම සහ ඵලදායීව ක්‍රියාත්මක කරමින් ග්‍රාමීය මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා ජනතාවට උපරිම මහජන සේවාවන් හා ප්‍රතිලාභ අත්කර දීම රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ අරමුණ වනවා.

අද දිනයේත් විවිධ සංවර්ධන වැඩසටහන්වලට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ජනතාවගේ විවිධ අවශ්‍යතා ඉටු කිරීම සදහා සේවාවන් පැවැත්වෙනවා. එහිදී ජාතික හැදුන්ම්පත් ලබා ගැනීමේ සිට ඉඩම් ඔප්පු හිමිකම් ලබාදීම දක්වා මෙම සේවාවන් සිදු කෙරෙනවා. ජනපති ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කරන ජනපතිට කියන්න ජනතා ගැටළු විසදීමේ වැඩසටහනද, රටවෙනුවෙන් එකට සිටිමු වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මකයි.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 12:35
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්