විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉගැන්වීම් සහ පර්යේෂණවල ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා අවධානය යොමුකර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළා.
ඒ සඳහා කොමිසමක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. එය කඩිනමින් පනතක් බවට පත්කිරිමයි අරමුණ වී තිබෙන්නේ. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ගුණත්වය ඉහළ නැංවීමට ද වැඩපිළිවෙල ඉවහල් වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.