සිව්කොන් පුහුනු දැල්පන්දු තරගාවලියේ පළමු තරගයේදී සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම පරාජයට පත් කිරීමට කෙන්යා කණ්ඩායම සමත් වුණා.
තරගාවලිය සංවිධාන කරන්නේ ජාතික දැල්පන්දු සංගමයයි.කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාපිටියේ පැවැත්වෙන තරගාවලියට කෙන්යාව, මැලේසියාව හා ශ්රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් 04 ක් එක්ව සිටිනවා. ජාතික යොවුන් දැල්පන්දු කණ්ඩායම හා ජාතික දැල්පන්දු කණ්ඩායම වෙන වෙනම තරග සදහා එක්ව සිටීම විශේෂත්වයක්. තරගාවලියේ පළමු තරගයේදී ලකුණු 54 ට 35 ක් ලෙස ශ්රී ලංකා කන්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 19 ක ජයක් වාර්තා කිරීමට කෙන්යා දැල්පන්දු කණ්ඩායම සමත් වුණා.