Life+News The Official News Portal of Independent Television Network Ltd

තිස්සගේ නඩුව කෙටියෙන් අවසන් කිරීමට ජනපති සහ අගමැති කැමැත්ත පළ කරයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 13:47

තිස්සගේ නඩුව කෙටියෙන් අවසන් කිරීමට ජනපති සහ අගමැති කැමැත්ත පළ කරයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා කොන්දේසි සහිතව කැමැත්ත පළ කර ඇති බව කොළඹ මහාධිකරණයට අද දැනුම් දුන්නා.

වත්මන් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අත්සන් පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ව්‍යාජ ලෙස යොදා ගනිමින් කූඨ ලේඛණ සැකසූ බවටයි තිස්ස අත්තනායක මහතාට චෝදනා එල්ලවුණේ. එම ලේඛණ මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට ද ඔහුට චෝදනා එල්ලවුණා.  නඩුව කෙටියෙන් අවසන් කර ගැනීම සදහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙස අදාළ පාර්ශ්ව අධිකරණයෙන් අද ඉල්ලා සිටියා. තිස්ස අත්තනායක මහතා මේ පිළිබද සමාව අයැද සිටින්නේ නම් නඩුව අවසන් කර ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැමැත්ත පළකර ඇති බවයි අදාළ පාර්ශව අධිකරණයට දැනුම් දුන්නේ. ලබන 24 වනදා නඩුව යළි කැදවීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 13:47
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්