Life+News The Official News Portal of Independent Television Network Ltd

වෛද්‍ය ජේ සලීමා මහත්මියට උපහාර පිදේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2019 11:50

වෛද්‍ය ජේ සලීමා මහත්මියට උපහාර පිදේ

යුද සමයේ දී උතුරෙන් නැගෙනහිරට පැමිණ වසර 33 ක් සෞඛ්‍ය සේවයට සිදුකළ මෙහය අගයමින් වෛද්‍ය ජේ සලීමා මහත්මියට උපහාර පිරිනැමුණා.

යාපනය දිස්ත්‍රික්කයේ සිට නැගෙනහිර නින්දවූර් ප්‍රදේශයට වෛද්‍ය ජේ සලීමා මහත්මිය පැමිණ ඇත්තේ එම ප්‍රදේශවල යුදමය වාතාවරණයක් පැවති කාලයේයි. යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට වසර 33 ක් පුරා ඇය සේවාව ලබාදුන්නේ නින්දවූර් රෝහලේ රැදී සිටිමින්. එම අඛණ්ඩ සේවය ඇගයීම වෙනුවෙන් උපහාර උළෙලක් නින්දවූර් මූලික රෝහලේදී පැවැත්වුණා. රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා ද ඊට එක්ව සිටියා. සලීමා මහත්මිය වෙත රන්සළු පළදවමින් තිලිණ පිරිනැමීම ද සිදුකෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2019 11:50
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්