පාපන්දු ශ්‍රේණිගතකිරීම් අතර ශ්‍රී ලංකාව ඉදිරියට ගෙනඒම සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ආදිල් බාකීර් මාර්කර් අනුස්මරණ පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බේරුවල සුපර්සන් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් වුණා. බේරුවල පාසල් ක්‍රීඩාපිටියේ දින දෙකක් පුරා පැවති තරගාවලියට කණ්ඩායම් 24 ක් එක්ව සිටියා. අවසන් මහා තරගයේදී කළුතර එයාර්ෆෝස් කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාව දිනා ගැනීමට සුපර්සන් කණ්ඩායම සමත් වුණා.