Life+News The Official News Portal of Independent Television Network Ltd

තරුණයන්ට හොඳ අනාගතයක් ගොඩනගන බව අගමැති කියයි

ITN News Editor
By ITN News Editor මාර්තු 31, 2019 10:15

තරුණයන්ට හොඳ අනාගතයක් ගොඩනගන බව අගමැති කියයි

අපේ අරමුණ වෙනත් රටවල් පසුපස යාම නොව එම රටවල් පසුකර යාම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. තාරුණ්‍යයට යහපත් අනාගතයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ මේ වන විටත් ක්‍රියාත්මක බවයි යොවුන් පුරය සමාප්ති උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

අනාගතය ඇරඹුණා යන තේමාවෙන් යොවුන් පුරය ආරම්භ කෙරුණේ පසුගිය 27 වනදායි. දෙස් විදෙස් තරුණ තරුණියන් අටදහස් පන්සියයකට වැඩි පිරිසක් ඊට එක්ව සිටියා. තරුණයින් වෙනුවෙන් සංවිධාන කළ විශේෂ වැඩසටහන් රැසක් පසුගිය දින කිහිපය පුරාම ක්‍රියාත්මක කෙරුණා. යොවුන් පුරය සමාප්ති උත්සවය අතිඋත්කර්ෂවත් ලෙස ඊයේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. උත්සව භූමියට පැමිණි අග්‍රාමාත්‍යවරයාට තරුණ තරුණියන්ගෙන් හිමි වූයේ ඉහළ ප්‍රතිචාරයක්. තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සංස්කෘතිකාංග රැසක් ද මෙහිදී ඉදිරිපත් කෙරුණා. අනතුරුව උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.

සාගල රත්නායක,  සජිත් ප්‍රේමදාස යන අමාත්‍යවරුන් ද විශාල පිරිසක් ද සමාප්ති උත්සවයට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 31, 2019 10:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්