අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.
ශ්‍රී‍්‍ර ලංකා ටෙස්ට් කි‍්‍රකට් නායක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට ගත්තේ බොරැල්ල කින්සි පාරේදී අද(31) උදෑසන සිදුවූ රියඅනතුරක් සම්බන්ධයෙන්.
දිමුත් කරුණාරත්න ගමන් කළ මෝටර් රථය තී‍්‍රරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. තී‍්‍රරෝද රථයේ රියදුරුට සුළු තුවාල සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.