වසා තිබූ ගුවන් කලාපය සම්පූර්ණයෙන් විවෘත කිරිමට පාකිස්ථානය තීරණය කළා. ඒ අනූව මේ වනවිට සියලු ගුවන් ගමන් වාර සඳහා පාකිස්ථාන කලාපය භාවිත කිරිමේ හැකියාව පවතිනවා.
කාශ්මීරයේදී ඉන්දීය හමුදාවට එල්ල වූ ප්‍රහාරයත් සමඟ දෙරට අතර මතභේදාත්මක වාතාවරණය උත්සන්න වුණා. ඉන් අනතුරුවයි පාකිස්ථානය සිය ගුවන් කලාපය වසා දැමීමට තීරණය කළේ.
සැලසුම් කළ ආකාරයට ලාහෝර් සිට ඉස්ලාමාබාද් දක්වා ඇතුළු අනෙකුත් ගුවන් තොටුපල සඳහා වාණිජ සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. ඉන්දියාව සහ පාකිස්ථානය අතර මතුව ඇති ගැටළුකාරි තත්ත්වය තවමත් සම්පූර්ණයෙන්ම අවසන් නැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. පසුගිය දින කිහිපයේදී දෙරටේ ආරක්ෂක අංශ අතර කාශ්මිරයේදී වෙඩි හුවමාරුවීම් සිදුවුණා.