සිය අත්දැකීම් හුවමාරු කර ගැනීමේ අරමුණින් දෙස් විදෙස් තරුණ තරුණියන් අට දහසකට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් යොවුන් පුරය අද පස්වරුවේ ආරම්භ කෙරුණා. ඒ හම්බන්තොට වීරවිල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් ආරම්භක අවස්ථාවට සහබාගී වුනා.
1979 වසරේදී යෞවන සමාජ ව්‍යාපාරය ආරම්භ කිරිමත් සමග 1984 වසරේදී පළමු යොවුන් පුරය පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන, යෞවන කටයුතු හා රැකී රක්ෂා අමාත්‍යවරයාව සිටියදියි. පසුගිය කාලයේ යොවුන් පුරය නතර කෙරුණු අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එය යළි ආරම්භ කෙරුණා. එසේ ආරම්භ කිරීමෙන් පසු හතරවන යොවුන් පුරයයි අද ආරම්භ කෙරුණේ.
යොවුන් පුරය ආරම්භ කිරීමේ අවස්ථාවට මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම එක්ව සිටියා. විදෙස් තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම යොවුන් පුරය සමග එක්ව සිටීම විශේෂත්වයක්. එමෙන්ම මීට එක්ව සිටින තරුණ තරුණියන් දැඩි උනන්දුවකින් යුතුව විවිධ ක්‍රියාකාරකම්වල නිරත වනවා.
වීරවිල යොවුන් පුරය පරිශ්‍රයේ අයිටීඑන් මාධ්‍ය කුටියක් ද නිර්මාණය කර තිබෙනවා. රූපවාහිනි නිවේදන ක්ෂේත්රයට පිවිසීමට කැමැත්තක් දක්වන ඕනෑම තරුණ තරුණියකට එහි මූලික පියවර ලෙස තිර පරීක්ෂණයකට සහභාගී වීමේ අවස්ථාවද මෙම මාධ්‍ය කුටියේ පවතිනවා. යොවුන් පුරය ලබන 30 වනදායින් අවසන් වනවා. සමාප්ති උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වීමට නියමිතයි.