යුධ හමුදා භාරයේ තිබූ අම්පාර හා ත්රිකුණාමල දිස්ත්රික්වල ඉඩම් අක්කර 5 කට අධික ප්රමාණයක් එහි මුල් හිමිකරුවන් වෙත යළි භාර කෙරුණා.
ආරක්ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්රධානත්වයෙන් උත්සවය පැවැත්වුණා. අම්පාර, කල්මුණේ හා කුච්චවේලි යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ පෙරියනිලාවේලි ප්රදේශයේ ඉඩම් මෙලෙස මුල් පදිංචිකරුවන් වෙත භාර දීමටයි කටයුතු කෙරුණේ. සර්ව ආගමික නායකයින් ද 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ හා 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ යන මහත්වරුන් ද උසස් නිලධාරීන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/CVjnI-BN3cQ”]