මහනුවර මහ රෝහල ජාතික රෝහලක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
මහනුවර මහ රෝහලේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සොයා බැලීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග අමාත්‍යවරයා සාකච්ඡාවක ද නිරත වුණා. රාජකාරී ඉටු කිරීමේ දී වෛද්‍යවරුන්ට ඇතිවන ගැටලුවලට විසදුම් ලබාදීමට එහිදී කටයුතු කෙරුණා.