කෙසෙල්ගමු ඔයේ අනවසරයෙන් මැනික් ගැරූ 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ සිට කාසල්රී ජලාශයට ප්රධාන වශයෙන් ජලය ගලා බසිනා මෙම ඔයේ මැණික් ගරන බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකළේ.
කෙසෙල්ගමු එය පතුලේ තිබෙන මැණික් ඉල්ලම් ගොඩගැනීම හේතුවෙන් ගඟ දෙපස ඉවුරු කඩාවැටීමේ අවදානමක් ද මතුව තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා. අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.