එන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙන් නෝර්වේ මගී ප්‍රවාහන නෞකාවක ගමන් කරමින් සිටි මගීන් එක්දහස් තුන්සිය දෙනෙකු ඉවත් කර තිබෙනවා.
පැවති අධික සුළං හා මුහුදු රළ දැඩි වීමෙන් නෞකාව පාලනය කරගත නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා. නෞකාවේ සිටි පිරිස බේරා ගැනීම සඳහා නෞකා කිහිපයක් හා හෙලිකොප්ටර් යානා 5 ක් පිටත් කර හැරීමටයි කටයුතු කෙරුණේ. අද අලුයම වන විට නෞකාවේ එන්ජින් හතරෙන් 3 ක් යථා තත්ත්වයට පත්කරගත හැකි වූ අතර අසල තිබූ වරායක් වෙත නෞකාව රැගෙන යාමට කටයුතු කෙරුණා. සිද්ධියෙන් මගීන් 8 දෙනෙකු තුවාල ලබා සිටින අතර ඔවුන්ගෙන් 3 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් වාර්තා සඳහන් කරන්නේ. බ්‍රිතාන්‍ය හා ඇමෙරිකා ජාතික මගීන් මෙම නෞකාවේ ගමන් කර තිබුණා.