දකුණු අප්‍රිකා කලාපයට බලපෑ ඉඩායි සුළි කුණාටුවෙන් මිය ගිය පිරිස 700 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අප්‍රිකා මහද්වීපයේ සිම්බාබ්වේ , මලාවි හා මොසැම්බික් යන රටවලටයි සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වුණේ. සුළි කුණාටුවෙන් කලාපයේ ලක්ෂ 17ක පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා. විදුලිය , ආහාර හා පිරිසිදු පානීය ජලය නොමැතිකමින් එම ජනතාව පීඩා විඳින බවයි වාර්තා වන්නේ. දැනටමත් මොසැම්බික් රාජ්‍යයේ අනූදහසක පමණ පිරිසක් තාවකාලික කඳවුරුවල රඳවා තිබෙනවා.