පොලිස් නිලධාරියෙකුට අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කල්මුන සහ මඩකලපුව මූල්‍ය ආයතනයක සේවකයෙකු ෆීනෑන්ස් පහසුකම මත ලබාදෙන වාහන දෙකක වාරික නොගෙවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේ පැමිණිල්ල සටහන් කරගන්නා නිලධාරියාට ඔහු රුපියල් දහසක අල්ලසක් ලබාදීමටයි උත්සාහ දරා ඇත්තේ. එය ලබාගැනීම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියා අල්ලස් ලබාදීමට උත්සාහ කිරීමේ වරදට මූල්‍ය ආයතන සේවකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද එරාවුර් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.