ඕස්ට්‍රේලියා රාජකීය නාවික හමුදාවට අයත් ලොව ප්‍රමුඛතම නාවික යාත්‍රාවක් වන කැන්බරා සහ නිව් කාස්ට්ල් නෞකා අද (23) ශ්‍රී ලංකාවට ළගා වුණා.
ආසියා ශාන්තිකර කලාපීය නාවික ආරක්ෂාව තහවුරු කිරීම මෙම සංචාරයේ අරමුණයි. ඕස්ට්‍රේලියා රාජකීය නාවික හමුදාවට අයත් යුද, ගුවන් නාවික නිලධාරීන් දහසක් පමණ මේ සමග දිවයිනට පැමිණ තිබෙනවා. මීට සමගාමීව තවත් ඕස්ට්‍රේලියා නෞකා දෙකක් ත්‍රිකුණාමල වරායට ළගාවුණා.
ඕස්ට්‍රේලියා හා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ එක්ව ආපදාවකදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබද සැලසුම් කිරීම මෙන්ම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද මීට සමගාමීව සිදුවනවා.