Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර හෙට කසාවතින් වැසී යයි

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 17:15

මහනුවර හෙට කසාවතින් වැසී යයි

ත්‍රිපිටකාභිවන්දනා සතියේ අවසන් උත්සවය භික්ෂූන් වහන්සේ පන්දහසක් නමකගේ සහභාගීත්වයෙන් මහනුවරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා. ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ලේඛන ගතකිරීමට අදාළ යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ඉදිරිපත් කෙරෙනවා.

ත්‍රිපිටකාභිවන්දනා සතිය වෙනුවෙන් තවදුරටත් දිවයිනේ මෙන්ම විදේශයන්හීද ආගමික වැඩසටහන් පැවැත්වෙනවා. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධාන කළ ආගමික වැඩසටහන දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී ද මේ වෙනුවෙන් විශේෂ ධර්ම දේශනා පිංකමක් පැවැත්වුණා. එම අමාත්‍යාංශයේ බෞද්ධ සංගමයේ පිරිසක් පිංකමට සහභාගි වුණා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මග පෙන්වීමෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී ද භික්ෂූන් වහන්සේ වෙනුවෙන් දානමය පිංකමක් පැවැත්වුණා. ත්‍රිකුණාමලයේ පැවති මෙම පිංකමේ දී භික්ෂූන් වහන්සේ සියක් නමක් විෂයෙහි දානය පිරිනැමුවා.

ත්‍රිපිටකාභිවන්දනා සතිය වෙනුවෙන් සබරගමුව පළාත් සභාව සංවිධාන කළ දානමය පිංකමක් පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ත්‍රිපිටකාභිවන්දනා සැමරුම් පිංකමක් හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණේ අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය තල්දෙන අරියධම්ම ස්වාමීන් වහන්සේ මෙහිදී ධර්මදේශනාවක් පැවැත්වූවා. අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සංවිධාන කළ ත්‍රිපිටකය පිළිබද විශේෂ සමුළුවක් එරටදී පැවැත්වුණා. ත්‍රිපිටකය ලෝක උරුමයක් විය යුත්තේ ඇයි යන මැයෙන් පැවති මෙම සම්මන්ත්‍රණයට කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අශෝක ගිරිහාගම මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 17:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්