මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය ඉලක්ක කරගනිමින් කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය අද(22) ආරම්භ කළා.
ඒ අනුව ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ Y12 ගුවන් යානයක් මවුස්සාකැලේ ජලාශයට අඩි 8000 ඉහලින් වු වලාකුළුවලට අතර පියාසරකිරීම උදෑසන 11ට පමණ සිදුවුණා.
ගුවන් යානය විනාඩි 45 පමණ කාලයක් වලකුළු ඉහළින් පියසර කරමින් රසායනික ද්‍රව්‍ය වලාකුළු මත මුදා හරිනු ලැබුවා.
ඉන් අනතුරුව නියමු ව්‍යාපෘතිය ඵල දරමින් විනාඩි 45 කාලයක් කෘතිම මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට පස්වරු 1 සිට 1.45 දක්වා වර්ෂාවක් පතිත වුණා.
ඉදිරි දින කිහිපයේදිත් කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරීම සඳහා ගුවන් මගින් වලාකුළු මත රසායනික ද්‍රව්‍ය මුදා හැරිමට කටයුතු කරන බවයි ලංකා විදුලි බල මන්ඩලයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.
වැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මගපෙන්වීම යටතේ එම අමාත්‍යාංශය මගින් පියවර ගැනුණා.
මෙම කෘතීම වැසි ඇති කිරීම සදහා ගිවිසුම් අත්සන් කිරීම, පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණා. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන්, විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය බී.එම්.එස් බටගොඩ මහතා සහ ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අදාළ ගිවිසුමට අත්සන් තැබුවා.
සෑම වසරකම ශ්‍රී ලංකාවට බලපානු ලබන වියලි කාලගුණික තත්ත්වයන් හමුවේ විදුලිබල ක්ෂේත්රය මුහුණදෙන ගැටළු මගහරවා ගැනීමට ස්ථිරසාර විසදුම් සෙවීම පිණිස, විෂයභාර අමාත්‍යවරයා විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල යටතේ මෙම කෘතීම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියට වැදගත් ස්ථානයක් හිමිවනවා. ඒ අනුව අද ආරම්භ කළ නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය නිරීක්ෂණය කරමින්, වියලි කාලගුණික තත්ත්වය දිවයිනෙන් පහව යනතුරු ඉදිරි සති වලදීද කෘතීමව වැසි ඇති කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අංශ වලට උපදෙස් ලබා දී තිබෙනවා.
මෙම කෘතීම වැසි ඇති කිරීමේ තාක්ෂණය ලබාදීමට තායිලන්ත රජය විසින් සිය එකඟත්වය පළකර තිබෙනවා. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලිමක් මත තායිලන්තයේ සිය මෙරටට පැමිණි විශේෂ ඉංජිනේරුවන් පිරිසක් විසින් අද දින මෙම කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය ක්රියාක්මක කළා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/03/03-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/03/04-1.jpg”]