සිංගප්පුරු ඇකඩමි දැල්පන්දු කණ්ඩායම සමග පැවති තරගයෙන් ජයග්රහණය කිරිමට ශ්රී ලංකා සංවර්ධන දැල්පන්දු කණ්ඩායම සමත් වුණා.
තරගය පනාගොඩ යුදහමුදා කදවුරේ ගෘහස්ත ක්රිඩාපිටියේදී පැවත්වුණා. එහිදි ලකුණු 72කට 76ක් ලෙස ජයග්රහණය කිරිමට ශ්රී ලංකා සංවර්ධන දැල්පන්දු කණ්ඩායමට හැකි වුණා. සිංගප්පුරු ඇකඩමි දැල්පන්දු කණ්ඩායම මෙරටදී තරග රැසකට සහභාගිවීමට නියමිතයි.
එළෙඹෙන ජුනි මාසයේදී ජපානයේ පැවැත්වෙන යූත් ඒෂියා දැල්පන්දු තරගාවලියට එක්වන ශ්රී ලංකා කණ්ඩායම තේරිමට පෙර පුහුණු තරගාවලියක් ලෙසයි මෙය පැවැත්වෙන්නේ. ශ්රී ලංකා යොවුන් දැල්පන්දු කන්ඩායම මේ වන විට ආසියාවේ හතරවෙනි ස්ථානයේ පසුවනවා.