Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා කණ්ඩායම අද විශේෂ පුහුණු සැසියකට එක්වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 16:01

ශ්‍රී ලංකා කණ්ඩායම අද විශේෂ පුහුණු සැසියකට එක්වෙයි

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන පන්දුවාර 20 යි 20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇති බව එරටින් ලැබෙන නවතම වාර්තා පවසනවා.

දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී මෙරට වේලාවෙන් රාත්‍රී 09. 30ට දෙරට අතර දෙවන පන්දුවාර 20 යි 20 තරගය පැවැත්වීමට නියමිතයි. පළමු තරගයේදී ලකුණු සමවීම හේතුවෙන් ක්‍රියාත්මක කළ සුපිරි පන්දුවාරයේදී ජයගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.

මේ අනුව තරගාවලියේ ජයග්‍රහණය සදහා හෙට (22) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනවා. පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු වෙනසක් නොමැතිව මෙම තරගයට ක්‍රීඩා කරනු ඇති බවයි එරටින් ලැබෙන නවතම වාර්තා පවසන්නේ. කෙසේ වෙතත් හෙට (22) දිනයේදී තණතීරුව පරීක්ෂා කිරීමෙන් පසු කණ්ඩායමේ වෙනසක් සිදුකරන්නේද යන්න තීරණය කරන බව තේරීම් කමිටුව පවසනවා.

මෙම තරගය වෙනුවෙන් එරටදී විශේෂ පුහුණු සැසියකට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වී තිබෙනවා. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් මහතායි.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 16:01
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්