Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලුම ස්වයංක්‍රීය ගිනි අවි භාවිතය තහනම් කරන බව ජසින්ඩා කියයි

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 14:16

සියලුම ස්වයංක්‍රීය ගිනි අවි භාවිතය තහනම් කරන බව ජසින්ඩා කියයි

සියලුම වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි භාවිතය තහනම් කරන බව නවසීලන්ත  අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් පවසනවා.

ක්‍රයිස්චර්ච් නුවර පසුගියදා සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් පසුව ගිනි අවි නීතිය පිළිබදව එරට රජයේ දැඩි අවධානයක් යොමු වුණා. ඒ අනුව මෙම නව නීතිය අප්‍රේල් 11 වනදා සිට ක්‍රියාත්මක කරන බවයි අග්‍රාමාත්‍යවරිය සදහන් කරන්නේ. පසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සැකකරු යොදාගත් වර්ගයේ ගිනිඅවි  ද මෙම තහනමට ඇතුළත් වනවා. ඉදිරියේදී ගිනි අවි සම්බන්ධයෙන් තවත් නව නීති හදුන්වා දීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කරනවා. ගිනි අවි පිළිබද නීති සංශෝධනයට අදාළ යෝජනාව අප්‍රේල් මස පළමුවන සතියේ දී නවසීලන්ත  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2019 14:16
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්