සේනා දළඹුවා අපනයන කෘෂි බෝගවලට ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව කෘෂිිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
කහ, ඉගුරු, බුලත්, කරදමුංගු සහ කුරුදු වැනි බෝග වගාකරුවන් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළයුතු බවයි අපනයන කාෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ඒ පී හීන්කෙන්ද මහතා ප්‍රකාශ කළේ.අස්වනු නෙලා ගැනීමේන් පසු ඉතිරි වන ශාක කොටස් පුළුස්සා දැමීම වැදගත් බවයි අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.