[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=7fOlSatzEdA&feature=youtu.be”]
දින පහක් තිස්සේ නිවසින් අතුරුදහන්ව සිටි පාසල් සිසුවෙකුගේ මළ සිරුර ඊයේ (19) පස්වරුවේ සොයාගත් බව නාවලපිටිය පොලිසිය පවසනවා. ඒ ඔහු පදිංචිව සිටි නිවසට ඉහලින් වු ගල් ගුහාවක් මත තිබියදීයි.
මියගිය 17 හැවිරිදි කාවින්ද මදුසංඛ සිසුවා නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්. ඔහු මාපකන්ද විදුහලේ අපොස සාමාන්‍ය පෙළ පෙනී සිට ප්‍රතිපල අපෙක්ෂාවෙන් සිට තිබෙනවා.
දින පහක් තිස්සේ අතුරුදහන්ව ඇති බව එම කාවින්දගේ දෙමාපියන් විසින් කරන ලද පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසිය ප්‍රදේශවාසින්ගේද සහාය ඇතිව ප්‍රදේශය පුරා මෙහෙයුමක්ද දියත් කර තිබුණා. ඊයේ පස්වරුවේ නිවසට ඉහලින් ගල් ගුහාවක් පරීක්ෂා කිරීමේදි එම ගල් ගුහාව තුල සිසුවාගේ සිරුර ප්‍රදේශවාසීන්ට හමුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
අභිරහස් ලෙස මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නාවලපිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි