චණ්ඩ මාරුතයෙන් අප්‍රිකාවේ රටවල් රැසකට දැඩි බලපැම් එල්ල වුණා. වැඩිම හානි එල්ල වුණේ මොසැම්බික් රාජ්‍යයට හා මලාවි රාජ්‍යයටයි.
ලක්ෂ 26කට පමණ ගැටළු මතුවුණා. ඇතැම් පිරිස් සිරවී සිටින බවටයි තොරතුරු හෙළි වුණේ. සුළගේ වේගය පැයට කිලෝ මීටර් 170ක්. ඉන් සිම්බාබ්වේ ජනතාවට ද අලාභහානි සිදුව තිබෙනවා. සහන සැලසීම්වලට බාධා එල්ල වී ඇති බවයි මානුෂීය ආධාර කණ්ඩායම් සඳහන් කළේ. සුන්බුන් හේතුවෙන් ගම්මානවලට ප්‍රවේශ වීමට නොහැකි වී තිබෙනවා. චන්ද්‍රිකා තාක්ෂණය මගින් ජගත් සංවිධානය විශේෂ විමර්ශන වැඩසටහනක් ද ආරම්භ කළා. ලෝක ආහාර වැඩසටහනේ සහයෝගය පීඩාවට පත්වූවන්ට ලබාදීමයි අරමුණ. ත්‍රිවිද හමුදා සාමාජිකයන් ගළවා ගැනීමේ කටයුතුවලට යෙදවූ බවත් බලධාරින් සඳහන් කළා.