ඉන්දීය ක්රිකට් පුහුණුකරු ධුරය සඳහා අළුතින් නාම යෝජනා කැඳවීමට පාලක මණ්ඩලයේ අවධානය යොමු වුණා. මේ වනවිට පුහුණුකරු ලෙස කටයුතු කරන රවී ශෂ්ශ්රිගේ ධුර කාලය ලෝක කුසලානයෙන් අනතුරුව අවසන් වනවා.
ඉන්පසු දැන්වීම් පළකර නව පුහුණුකරුවෙකු පත්කිරිම මෙහි අපේක්ෂාවවී තිබෙනවා. ඉන්දීය කණ්ඩායමේ කොදෙව් සංචාරයට පෙර එය අවසන් කිරිමට ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය සැලසුම් කර තිබෙනවා. ස්ථිර පුහුණුකරුවෙකු හෝ අන්තර්කාලීන ලෙස පුහුණුකරුවෙක් පත්කිරිමටත් ඔවුන්ගේ අවධානය යොමු වුණා.