වෙළෙදපොළේ ඉහළ ඉල්ලුමක් ඇති කෝමාරිකා වගා කිරීමට උතුරුමැද පළාතේ ගොවීන් පෙළඹී සිටනවා. දීර්ඝකාලීනව ආදායම් ලබාගත හැකි මෙම වගාවෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බවයි ඊට යොමු වී සිටින ගොවින් පවසන්නේ.
වර්තමානයේ බොහෝ නිෂ්පාදන සදහා කෝමාරිකා භාවිතයට ගැනෙනවා. ඖෂධීය නිෂ්පාදන, ෂැම්පු, ක්‍රීම්, බාම් හා තෙල් වර්ග නිෂ්පාදනයටද කෝමාරිකා යොදා ගන්නා අතර ඖෂධීය පානයක් ලෙසද කෝමාරිකාවලට වෙළෙදපොළේ පවතින්නේ ඉහළ ඉල්ලුමක්. මේ හේතුවෙන් කෝමාරිකා වගාවට යොමු වී සිටින ගොවීන් ඉහළ ආදායමක් උපයාගැනීමට සමත්ව සිටිනවා. උතුරු මැද පළාතේ මුඩු බිම් සංවර්ධනය කර කෝමාරිකා වගා කිරීමට ගොවීන් පෙළඹී සිටින්නේ ඒ අනුවයි. මෙම වගාවෙන් සාර්ථක ප්‍රතිඵල නෙළා ගත් ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ කුමාරසිරි බණ්ඩාර මහතා ඒ සදහා ගොවීන් යොමු කිරිමට කටයුතු කරන්නේ වගා ව්‍යාපෘතියෙන් ලබාගත් අත්දැකීම්ද සමගයි. මේ වන විට අක්කර තුන්දහසක පමණ කෝමාරිකා වගාව සාර්ථකව සිදුකර තිබෙනවා.