ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය කණ්ඩායම සමග පැවති තරගයෙන් ජයග්‍රහණය හිමි කර ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම සමත් වුනා.
ගල්කිස්ස විද්‍යා විද්‍යාල ක්‍රිඩාංගනයේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට කොළඹ ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 25ක් ලබා සිටියා. ඊට උත්සාහක දිනුම් 04ක්, ප්‍රවර්තන 1ක් සහ දඩුවම් පහරක් ඇතුලත්. එම අර්ධයේදී ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට ලබා ගත හැකි වුණේ ලකුණු 3ක් පමණයි. ඊට එක් දඩුවම් පහරක් ඇතුලත්. තරගය නිමා වන විට දැඩි ආක්රමණශිලි තරග රටාවක් නිරූපණය කළ ඉසිපතන විද්‍යාලයීය ක්‍රිඩකයින් ලකුණු 35ක් ලබා ගැනිමට සමත් වුණා. එහිදි ගල්කිස්ස විද්‍යා විද්‍යාල කණ්ඩායමට රැස් කිරිමට හැකි වුයේ ලකුණු 08ක් පමණයි.