Life+News The Official News Portal of Independent Television Network Ltd

අල්ලස් හා දූෂණය තුරන් කිරීමේ පස්අවුරුදු සැළැස්ම එළිදැක්වීම හෙට

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 17:40

අල්ලස් හා දූෂණය තුරන් කිරීමේ පස්අවුරුදු සැළැස්ම එළිදැක්වීම හෙට

අල්ලස් හා දූෂණය තුරන් කිරීමේ පස්අවුරුදු  ජාතික ක්‍රියාකාරී සැළැස්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්යෙන් හෙට කොළඹදී එළිදැක්වෙනවා. මෙම සැළැස්ම සකස් කිරීමේ අරමුණ වී ඇත්තේ අල්ලස දූෂණය වපුරන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන්, දේශපාලනඥයින් ඇතුළු සියලු දෙනා නීතියේ රැහැනට කොටු කර ගැනීමයි.

ශ්‍රී ලංකාව තුළ වංචාව සහ දූෂණය තුරන් කරමින්  එමගින් ආර්ථික, සමාජයීය, සංස්කෘතික සහ පාරිසරික වශයෙන් තිරසර සංවර්ධනක් උදා කර ගැනීම මෙම පස්අවුරුදු ක්‍රියාකාරී සැළැස්ම සකස් කිරීමේ ප්‍රධාන අරමුණක්. වසරක පමණ කාලයක් අල්ලස් පනතේ අල්ලස, දූෂණය, වත්කම්,බැරකම්, දඩුවම් සහ වෙනත් ඊට අදාළ දුර්වල නීති රීති අණ පනත්වලට සම්බන්ධ කරුනු කැබිනට් මණ්ඩලයට අනුමැතියෙන් සංශෝධනය කර ඒ අනුව මෙම නව නීති රිති ඇතුළත් පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැළැස්ම සකස් කර තිබෙනවා. මෙරට සියලු රාජ්‍ය ආයතන ව්‍යුහයන් තුළ අල්ලස නිවාරණය, හර පද්ධතීන් වැඩිදියුණු කීරීම, දඩුවම් ක්‍රමවේද හා නීති ප්‍රතිපත්ති සංශෝධනය කිරීම යන ප්‍රධාන සාධක පදනම් කරගනිමින් මෙම සැළැස්ම සකස් කර තිබෙනවා. එහිදී සාකච්ඡා වට 40 ක් පමණ පවත්වා විද්වතුන්, විදෙස් විශේෂඥයන්,මහජනතාව ඇතුළු විවිධ තරාතිරම්වල පිරිස්වල අදහස් විමසීමට ලක් කළා. 2016 වසරේදී බ්‍රිතාන්‍යයේ  පැවති දූෂණ විරෝධී සමුළුව අමතා දූෂණ නිවාරණ ඉලක්ක සපුරා ගැනීම සදහා ජාතික ක්‍රියාකාරී සැළැස්මක් සකස් කරන බවට ජනාධිපතිතුමා දුන් පොරොන්දුව අනුව එතුමාගේ මග පෙන්වීමෙන් මෙම ජාතික ක්‍රියාකාරී සැළැස්ම සකස් කිරීමට පියවර ගත්තා. පසුගිය වසරේ ජූලි මාසයේ කොළඹදී පැවති එක්සත් ජාතින්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියේ විශේෂ සමුළුවේදී ද රටේ සියලු අංශ තුළ සුපිලිපන්න බව වර්ධනය කිරීමේ ජාතික ක්‍රියාකාරී සැළැස්මක අවශ්‍යතාව අවධාරණය කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 17:40
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්