Life+News The Official News Portal of Independent Television Network Ltd

පස්වන සහ අවසන් එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 08:36

පස්වන සහ අවසන් එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පස්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 41ක ජයක් හිමි කර ගත්තා.

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පැවති එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට  පහර දීමට  තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු සහ උපුල් තරංග පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 14 ක සබදතාවක් ගොඩනැගුවා. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 09 ක් ලබා සිටි අවිශ්ක ප්‍රනාන්දු දැවි ගියා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු කුසල් මෙන්ඩිස් ලකුණු 56ක් රැස් කළා. ඇන්ජලෝ පෙරේරා ලකුණු 31ක් ද පියුමාල් පෙරේරා ලකුණු 33ක්ද ලබා ගත්තා.  ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 225 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරිමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩයම කඩුලු දෙකක් දැවි ලකුණු 135ක් ලබා සිටියදී විදුලි සංඥා කුලුණුවල දෝෂයක් හේතුවෙන් අයහපත් අලෝක තත්ත්වය මත තරගය නවතා දැමීමට තීරණ කළා. ඒ වන විටත් දකුණු අප්‍රිකා කන්ඩායම ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 28කදී ලබා ගත යුතුව තිබු ලකුණු 95 ඉලක්කය පසු කිරිමට සමත් වුණා.  ඒ අනුව ලකුණු 41කින් ජයග්‍රහණය වාර්තා කිරිමට දකුණු අප්‍රිකා කන්ඩායමට හැකි වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 08:36
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්