Life+News The Official News Portal of Independent Television Network Ltd

මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත්කිරීම අගමැති ප්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 08:56

මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත්කිරීම අගමැති ප්‍රධානත්වයෙන්

යහපාලන රජය විසින් සංවර්ධනය කර වැඩ අවසන් කරන ලද මාර්ග ව්‍යාපෘති 200ක් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ රන් මාවත් සංකල්පය යටතේ ජනතා අයිතියට පත්කි රීමේ ජාතික උත්සවය අද (මාර්තු 17) දින සිදුකෙරේ.

මෙහි සමාරම්භය මාවනැල්ල හෙම්මාතගම ගම්පොල මාර්ගය, මාවනැල්ල – අරණායක මාර්ගය, මාවනැල්ල – රඹුක්කන යන මාර්ග සහ ගම්පහ සහ පුත්තලම දිස්ත‍්‍රික්ක යාකරමින් ඉදි කළ කොච්චිකඬේ නව පාලම ජනතා අයිතියට පත් කරමින් සිදු කෙරෙනු ඇත.

අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ මාවනැල්ල නගරයේදී සහ කොච්චිකඬේ පාලම අසළදී සමාරම්භක උත්සවයන් පැවැත්වේ. මීට සමගාමීව දිවයිනේ සියලූ දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි ‘‘රන් මාවත්’’ මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පැවරෙන අතර ඒ වෙනුවෙන් ආයෝජනය කර ඇති සමස්ත මුදල රුපියල් කෝටි 3000කට අධිකය.

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 08:56
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්