නවසීලන්තයේ ඉස්ලාම් ආගමික ස්ථාන දෙකකට වෙඩි ප්‍රහාරයක් එල්ලවීමත් සමග එරට ගිනි අවි භාවිතය සම්බන්ධ නීති දැඩි කිරීමට නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් තීරණය කර තිබෙනවා.
නවසීලන්තයේ දැන් පවත්නා නීතිය අනුව ඕනෑම අයෙකුට ගිනිඅවි බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සතුව නීත්‍යානුකූල ගිනි අවි පහක් තිබී හමුවුණා. එක් පුද්ගලයෙක් සතුව මෙතෙරම් ගිනිඅවි ප්‍රමාණයක් තිබීම බරපතල බවයි එරට නීති අංශ පෙන්වා දෙන්නේ.
මේ අනුව ස්වයංක්‍රීය ගිනිඅවි භාවිතය තහනම් කිරීමට නවසීලන්ත රජය සූදානමින් පසුවනවා. වෙඩි තැබීම සිදුකළ ඕස්ට්‍රේලියානු ජාතික 28 හැවිරිදි බ්‍රෙන්ටන් ටෝරන්ට් අධිකරණයට අද ඉදිරිපත් කළා. ඔහු ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ට මීනි මැරීමේ චෝදනා එල්ල නොවන බවයි නවසීලන්තයෙන් ලැබෙන වාර්තා සදහන් කරන්නේ.