විදේශිය තරග සදහා සහභාගිවන ක්‍රිඩකයින් සදහා අනිවාර්යෙන් මාර්ගෝපදේශ වැඩසටහනක් සිදු කරන බව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඒ මහතා මෙම අදහස් පළ කළේ ක්‍රිඩා විද්‍යා ආයතනයේ පැවති ක්‍රිඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ පළමු වාර්ෂික මහා සභාවට එක්වෙමින්. ක්‍රිඩා මාධ්‍යවේදින්ගේ සංගමය සදහා සියලුම විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්රවල නියෝජනය කරන ක්‍රිඩා මාධ්යෙව්දන් එක්ව සිටියා. ඔවුන්ට පවතින ගැටලු පිලිබදව මෙන්ම නව යෝජනා පිලිබදවද මෙහිදි සාකච්ඡා කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/mHnti_djfik”]
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා හා ක්‍රිඩා අධ්යක්ෂ ජනරාල් ධමිමික මුතුගල යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.