පුද්ගලයින් 49 දෙනෙකුට මරු කැඳවු නවසීලන්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු අද (16) එරට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට ඊයේ (15) වෙඩි ප්‍රහාරයක් එල්ල කළ ඕස්ට්‍රේලියානු ජාතික 28 හැවිරිදි බ්‍රෙන්ටන් ටෝරන්ට් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවනවා. 28 හැවිරිදි ඔහු මිනීමැරුම් චෝදනාව මත අද අධිකරණයට ඉදිරිපත් කරනු ඇති. බ්‍රෙන්ටන් අන්තවාදි දක්ෂිණාන්ෂිකයෙකු ලෙසයි මේ වනවිට හදුනාගෙන තිබෙන්නේ.
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් සදහන් කරන්නේ ඔහුට ගිනිඅවි පහක් සහ ඒ සදහා බලපත්‍ර ද තිබී ඇති බවයි. මේ හේතුවෙන් එරට ගිනිඅවි සදහා වූ නීති නැවත සකස් කිරීමටද පියවර ගන්නා බව ඇය සදහන් කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවේ සිටින බවයි වාර්තා වන්නේ.