Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්තයේ වෙඩි ප්‍රහාර මාලාවෙන් 49 දෙනෙකු ජීවිතක්ෂයට (VIDEO)

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 10:52

නවසීලන්තයේ වෙඩි ප්‍රහාර මාලාවෙන්  49 දෙනෙකු ජීවිතක්ෂයට (VIDEO)

Update: නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේ සිදු වූ වෙඩි තැබීමෙන්  මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව  49 දක්වා ඉහලගොස් තිබෙනවා. පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති  බවයි වාර්තා වන්නේ.

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් දේවස්ථාන දෙකකයි වෙඩි තැබීම් සිදු වුණේ.  බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ද එම අවස්ථාවේ එක් පල්ලියක සිට ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔවුන්ට කිසිදු හානියක් සිදු වී නැහැ. වෙඩි තැබීම සිදු කර ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 04 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා. ආරක්ෂක හේතු මත  ප්‍රදේශයේ පාසල් හා රෝහල් ඇතුළු ස්ථාන වසා දැමීමට එරට පොලීසිය කටයුතු කළා. නවසීලන්ත අග්‍රමාත්‍ය ජසින්ටඩා ආඩෙන් පවසන්නේ අද දිනය  නවසීලන්ත ඉතිහාසයේ අදුරුතම දිනයක් බවයි.

නවසීලන්තයේ වෙඩි තැබීමක්; 27දෙනෙකු ජීවිතක්ෂයට

ක‍්‍රයිස්චර්ච් නගරයේ සියලු දේවස්ථාන නැවත දැනුම්දෙන තුරු වසාදමන ලෙස බලධාරින් දැනුම් දුන්නා. ඒ දේවස්ථාන දෙකකට පෙරවරුවේ එල්ලවූ වෙඩි ප‍්‍රහාර හේතුවෙන්.

ප‍්‍රහාරයෙන් 27දෙනෙකු මියයන්නට ඇති බවට වාර්තා වන බව රුසියානු රුපවාහිනී පුවත් සේවය (RT) සඳහන් කරනවා. එහෙත් මේ වනවිට නිශ්චිත තොරතුරු තහවුරු කර නැති බවයි වර්තා වන්නේ.

වෙඩිතැබීමට සම්බන්ධ එක් අයෙකු අත්අඩංගුවට ගත් බව නගර පොලිස් කොමසාරිස්වරයා තහවුරු කළා. ඔහු ඔස්ටේ‍්‍රලියා ජාතිකයෙකු බවටයි සැක කෙරෙන්නේ.

නගරයේ වෙනත් දේවස්ථානයක යාඥාවේ නිරතව සිටි බංගලිදේශ කි‍්‍රකට් කණ්ඩායම ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවත් වාර්තා වනවා.

ක‍්‍රයිස්චර්ච් නගරයේ සියලු පාසල් ද වසාදැමීමට පියවර ගැණුනා. ජනතාවට නිවෙස් වලට සිටින ලෙසට දැනුම්දී තිබෙනවා.

ප‍්‍රහාරය පිළිබද නිශ්චිතව කිව නොහැකි වුවද මෙය නවසීලන්ත ඉතිහාසයේ අදුරු දිනයක් වනු ඇති බවයි අග‍්‍රාමාත්‍ය ජසින්දා ආර්ඩන් ප‍්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 10:52
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්