Life+News The Official News Portal of Independent Television Network Ltd

අනවසර ඉදිකිරීම් නිසා උණුසුම් වූ ගාල්ල

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 11:35

අනවසර ඉදිකිරීම් නිසා උණුසුම් වූ ගාල්ල

ගාල්ල ,දෙවට වෙරළතීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේ දී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

සර්ෆින් හෙවත් දියමත ලිස්සායාමේ මධ්‍යස්ථාන රැසක් ගාල්ල දෙවට වෙරළතීරයේ අනවසරයෙන් ඉදිකර තිබෙනවා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව , පොලිසිය ද සහාය ඇතිව මෙම ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කළා. එහිදී දෙපාර්ශ්වයේ ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්. කුපිත වූ සර්ෆින් මධ්‍යස්ථාන හිමිකරුවන් ගාල්ල ,කොළඹ ප්‍රධාන මාර්ගයේ මාගාල්ල ප්‍රදේශයේ දී ටයර් පුළුස්සා දමමින් වාහන ධාවනය කළ නොහැකි වන සේ මාර්ගය අවහිර කළා. පසුව පොලිසිය පැමිණ වාහන ගමනාගමනයට හැකිවන සේ මාර්ගය යථා තත්ත්වයට පත් කළා.  අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම් සදහා ගෙන ආ යන්ත්‍ර සූත්‍රවලට ද කුපිත වූ පිරිස් අලාභ හානි සිදුකළා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 11:35
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්