ශ්‍රී‍්‍ර ලංකා – එංගලන්ත කාන්තා කි‍්‍රකට් කණ්ඩායම් අතර තරඟාවලිය හෙට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගනයේදී ආරම්භ වනවා. එක්දින තරඟ තුනක් හා 20-20 තරඟ තුනක් ඊට ඇතුලත්.
හීදර් නයිට් එංගලන්ත ජාතික කාන්තා කණ්ඩායමේ නායිකාවයි. චමරි අතපත්තු ශ්‍රී‍්‍ර ලංකා පිල මෙහෙය වනවා. කණ්ඩායම් දෙක අතර එක්දින තරඟාවලිය හෙට ආරම්භ වන අතර දෙවන එක්දින තරඟය ලබන සඳුදා පැවැත්වීමට නියමිතයි.
තුන්වන එක්දින තරඟය ලබන 21 වෙනිදා කටුනායක නිදහස් වෙළෙද කලාප කී‍්‍රඩාංගනයේදී පැවැත්වෙනවා. කණ්ඩායම් දෙක අතර 20- 20 තරඟාවලිය ලබන 24, 26 සහ 28 යන දිනවල පී සරා ඔර්වල් පිටියේදී පැවැත්වෙන බවයි ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් සඳහන් කළේ.