Life+News The Official News Portal of Independent Television Network Ltd

පාඨකයන්ගේ නුතන අවශ්‍යතාවලට ගැළපෙන ඩිජිටල් පුස්තකාලයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 17:55

පාඨකයන්ගේ නුතන අවශ්‍යතාවලට ගැළපෙන ඩිජිටල් පුස්තකාලයක්

පාඨකයන්ගේ නුතන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ඩිජිටල් පුස්තකාලයක් එළි දැක්වුණා. ඒ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයත් ඒකාබද්ධවයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ. විනාඩි කිහිපයක් තුළ පරිගණක තාක්ෂණය මගින් ඩිජිටෙල් ග්‍රන්ථ ලබා ගැනීමට මෙම වැඩපිළිවෙළ යටතේ පාඨකයන්ට හැකි වනවා. සිංහල/ දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පුවත්පත් කියවිමට ද පහසුකම් සලසා ඇති බවයි ජාතික පුස්තකාලය සදහන් කරන්නේ. ලොව ප්‍රකට ජර්නල සහ ශාස්ත්‍රීය ලේඛනද ලබා ගැනිමට මෙමගින් පහසුව ලැබෙනවා. අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු පුස්තකාල කළමනාකරණ පද්ධතියක් ද යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 17:55
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්