ජාත්‍යන්තර වොලිබෝල් පුහුණුකරු අධියර දෙක පාඨමාලාවක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ජාතික වොලිබෝල් සම්මේලනය නිවේදනය කරනවා.
ජාතික වොලිබෝල් පුහුණුකරුවකුට ලබාගත හැකි ඉහළම තත්වය වන්නේ අධියර දෙක පුහුණුකරුවකු බවට පත්වීමයි. දැනට ලංකාවේ එවැනි පුහුණුකරුවන් 116 දෙනෙකු සිටිනවා.
ලබන අප්‍රේල් මස 02 වැනිදා සිට ජාත්‍යන්තර වොලිබෝල් සංගමය මෙහෙයවනු ලබන අධියර දෙක පුහුණුකරු පාඨමාලාවක් මෙරටදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඊට දකුණු ආසියා කළාපයේ වොලිබෝල් පුහුණුකරුවන් 35 දෙනෙතු එක්වීමට නියමිතයි. මෙම පාඨමාලාවට අධියර එක පුහුණුකරුවන්ට ඉල්ලුම් කළ හැකි බවයි ජාතික වොලිබෝල් සම්මේලනය නිවේදනය කර ඇත්තේ.