Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලුම බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා තවකාලිකව නවතා දැමේ

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 13:39

සියලුම බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා තවකාලිකව නවතා දැමේ

සියලුම බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා තවකාලිකව නවතා දැමීමට ඇමෙරිකාවේ බෝයිං සමාගම තීරණය කර තිබෙනවා.

පසුගියදා ඉතියෝපියාවේ සිදු වූ ගුවන් අනතුරින් පසු බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා භාවිතය යුරෝපා ඇතුළු රටවල් බොහොමයක් අත්හිටවූවා. ඒ අනුව ඇමෙරිකාවේ බෝයිං සමාගම සදහන් කරන්නේ ලොව පුරා තිබෙන බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා 371 ක් නවතා දමන බවයි. එම සමාගම මීට පෙර කියා සිටියේ එම වර්ගයේ ගුවන් යානා මගී ප්‍රවාහනය සදහා ආරක්ෂිත බවයි. කෙසේ වෙතත් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව ගුවන් යානය සම්බන්ධයෙන් නව තොරතුරක් සොයාගෙන ඇති බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 13:39
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්