Life+News The Official News Portal of Independent Television Network Ltd

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ගොණු කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 12:02

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ගොණු කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසට කටයුතු කිරීම වළක්වාලමින් අභියාචානාධිකරණය පසුගියදා ලබා දුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් ගොණු කළ පෙත්සම් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා සහ පසුගිය කාලයේ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් මෙම අභියාචානා පෙත්සම් ගොණු කළා. අභියාචානා පෙත්සම් වල වගඋත්තරකරුවන්  අභියාචනාධිකරණයේ ගොණු කර ඇති රීට් පෙත්සම ඊයේ (13) ඉල්ලා අස්කර ගැනීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ගොණු කළ අභියාචනාධිකරණ පෙත්සම ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගය අත්හිටුවන ලෙසට කළ ඉල්ලීම පසුගිය දෙසැම්බර් 14 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 12:02
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්